ඇමරිකා ප‍්‍ර හාරක යානා අණ ලැබෙන තෙක් ශ‍්‍රී ලංකාව ආසන්නයේ සූදානමින්

ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා හයක් මේවනවිට ස්ථානගත කර ඇති ඉන්දීය සාගර කළාපයේ පිහිටි චීයෙගෝ ගාර්සියා දූපත පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු සීමාවේ සිට කිලෝමීටර් 1925ක් දුරින් බව සදහන් වෙනවා.

ඒ අනූව ඉරානය සමග යුදමය තත්ත්වයක් ඇති වුවහොත් එම මෙහෙයුම් සඳහා යොදා ගැනීමට මෙම ප්‍රහාරක යානා එවූ බව ඇමරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියකු පවසා තිබේ.

මෙහිදී යුද විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඇමරිකාව සිය ප්‍රහාරක ගුවන් යානා ඉන්දීය සාගර කලාපයේ පිහිටි දියාගො ගාර්සියා දූපත වෙත එවා ඇත්තේ එක් විශේෂ හේතුවක් වන බවත්, ඒ දෙරට අතර යුදමය තත්ත්වයක් ඇතිවුවහොත් ඉරානයට පහසුවෙන්ම මෙම දූපතට ප්‍රහාර එල්ල කළ නොහැකි නිසාවෙන් බවයි සදහන් වන්නේ.

ඉරානය සහ ඩියෙගො ගාර්සියා දූපත අතර දුර කිලෝ මීටර් 1842කි.

ඉරාන හමුදා ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය මුල්කොට ගනිමින්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධයක් හටගත්තොත්, තමන්ගේ සහාය ඇමෙරිකාවට හිමිවනු ඇතැයි නේටෝ සංවිධානය පවසා ඇත.

ඇමෙරිකාව නේටෝවේ ප්‍රබල මෙන්ම ආරම්භක සාමාජිකයෙක් වන අතර, ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් රැසක් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දරයි.

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේත් තලේබාන් පාලනය පෙරළා දැම්මේත්, නේටෝ හමුදාවේ ද සහාය ඇතිවය. ඇමෙරිකාවත් ඉරානයත් අතර හටගත් නව අර්බුදය මුල්කොට ගනිමින් බ්‍රසල්ස් නුවර නේටෝ මූලස්ථානයේ දී එහි ලේකම් ජනරාල් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග්ගේ විශේෂ හමුවක් ද පවත්වා තිබේ.

එහිදී ඔවුන් සැවොම ඒකමතිකව තීරණය කළේ ඇමෙරිකාව ඉරානය සමඟ යුද වදින්නේ නම්, තමන්ගේ සහාය ඇමෙරිකාවට ලබා දෙන බවටයි.

ඇමරිකානු ආරක්ෂක උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටී.

ඉතා ඉක්මනින් ඔහු ජාතිය ඇමතීමට ද නියමිත ය.

මේ අතර ඉරානයට ඕනෑම මොහොතක ප හරදීමේ සූදානමින් ශ‍්‍රී ලංකාවට දකුණු දිගින් පිහිටි දියාගෝ ගාෂියා් දූපත ආසන්නයෙන් ඇමරිකානු ගුවන් ප්‍ර හාරක යානා බලඇණියක් ස්ථානගත කරවීමට දැනටමත් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

තත්පරයක වැරදීම

Wed Jan 8 , 2020
මම මෙි ලියන්නේ තවත් එක් ගැහැණු ළමයෙකුගේ අදෝනාවක් මගේ වචන වලින්……..ඇය නමින් මයුමී ලෙස මම අදුන් වන්නම් ******************************************** :-ආහ් අයියා අද එනවද මං එක්ක…??🤔 :-මොකටද ආහ්……???😯 :-මට ඕන සල්ලි මම ඔයාට ……😊 :-උඹට පිස්සුද ගෑනියේ…😡 :-අයියාට සල්ලි දෙන්න බැරිනම් මම අයියා එක්ක නිකම් එන්නම් මට Lunch එක ඕන😒 :-යකෝ මම […]