ආදරණීය ශේලී

කෙටි කතාව..💕💏💕

ආදරණීය ෂේලී..👰

දේෂ්.. මම ඔබට වෛර කරමි.. පන සේ මා ආදරය කර තරමට මම ඔබට වෛර බදිමි..

යලි කිසි දිනෙක මා ඇස් මානයට ඔබ නොඒවායි මම ප්‍රාර්ථනා කරමි..

පෙර දින උදෑසන ඔබ මා හමු වී ඔබේ යෝජනාවට එකග නොවූ තැන මටත් මගේ අහිංසක මවටත් සහෝදරයාටත් චෝදනා කලා අයුරු…

තමුසෙගෙ මහ ලොකු අම්මා.. දන්නවද දන්නවද ඒ ගෑණී මගේ ගෙදර දැලි වලන් හෝදනවා..

ෂ් ෂ්.. දේෂ් අනේ ඒ මගේ අම්මා ඔහොම කතා කරන්න එපා..

මෙතන තමුසෙ කුමාරිහාමීද.. ඔය තරම් ආරක්ෂා වෙන්න තමුසේ කැන්දන් යන්න රාජ කුමාරයෙක් එනවද.. ගෙවල් වල දැලි කුණු පිහින කුස්සි අම්මෙක්ගෙ දුවෙක් කරගන්න රාජ කුමාරයෙක් තියා ත්‍රීවීල් කාරයෙක්වත් කැමති වෙන් නෑ ෂේලි.. ආන්න ඒක දැන ගන්නවා.. එනවා යන්න මට මෙතන ලැජ්ජ නොකර..

බැහැ දේෂ් අතාරින්න මාව.. මගෙ දුප්පත් අම්මා මාව දුක් මහන්සි වෙලා හැදුවේ මේ විදියට නාස්තී වෙන්න නෙමෙයි..

විකාර නොකර එනවා ෂේලී මට ඔය බයිල වැඩක් නෑ..

දේෂ් ඔහු මා අතින් අදින්නට විය.. අත රතු වී වේදනා දෙන්නට විය.. ඉතින් ඔහු ශක්තිමත් ඔහු හා ගැටෙන්නට මගේ සියුමැලි ගතට ශක්තියක් නැත..

ඔහු නතර වුනෙ විශාල කාමරයක් තුලය.. එහි ලස්සන.. මම කාමරය සිසාරා නෙත් යැවීමී.. දේශ්ගෙ ගෙදරද මෙවැනි ලස්සන නවීන නිවසකි..

දේශ් ෂර්ට් එක බට්න් පන්නමින් මා දෙස බලා සිටියි..

මම ඒ දෑස් තුල දුටුවේ පෙර දා පෙන් වූ ආදරය නම් නොවේ..

එහෙත්..

නැත.. මේ කුලී කාමරයක කුලී ඇදක් මත මම කිසි දිනක මගේ පිවිතුරු බව කෙලසා නොගනිමි..

මා එසේ කලේ නම් එය මගෙ අම්මාට කල මහ ද්‍රෝහී කමක් වනු ඇත..

නැත මා කිසි දිනක ඇයගෙ නෙතගට කදූලක් නොදෙමි..

මම දේශ්ව තල්ලු කරදා දිවි ගියෙමි…දේශ් මා පසු පස දිව එයි..

පිටු පස බලමින් දිව යද්දි මා පය පැටලී ඇද වැටුනෙමි..

දේශ් මා අල්ලා ගත්තාය.. ඒ දැස් කෝපයෙන් පීරී ඇත.. මුහුණ රතු වී ඇත..

උබ.. මහ බැල්ලියක්.. මේක දැන ගනින් මං උබට නෙමෙයි ආදරේ කලේ මං උබෙ ඇගටයි ආස කලේ..

අනේ දේශ් මොනවද මේ කියන්නෙ..

කියන්නෙ කියන්නෙ ඇත්ත.. උබ වගෙ හිගන්නියක් කරේ එල්ල ගන්න මට පිස්සු නෑ ශේලී.. නැගිටපන්..

දේශ් මා නැගිටවා ඔහුගෙ කාරයට දමා දොර වැසීය.. ඔහු රියදුරු අසුනට එද්ධි මම එයින් බැස්සෙමි.. ඔහු යලිත් මා වෙතට ආවේ කේන්තියෙනි..

මොකද ආ..

දේශ් ප්ලීස්.. ඔය ඇති.. ආයේ මට ජීවීතේට ඔයා දකින්න ඕන නෑ.. මට මගේ අම්මව වටිනවා.. ටිකක් නෙමෙයි මහ ගොඩක්.. අම්මා මේ පොලව නම් ඔයා මට වැලි කැටයක් දේෂ් වැලි කැටයක්..

මම එසේ කියා දිව ආවෙමි.. පසු පස වත් නොබැලීමී..

ශේලී.. නවතිනවා..

ඔහු හඩ ගසනු ඇසිනි..

දේශ් මම ඔබගෙන් මෙවැන්නක් බලාපොරොත්තු නොව්නෙමි..

අනේ ඔබට මා ආදරය කල තරම්..

💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

ඉතින් අප වෙන් වී දෙමසකට පසු දේෂ් මා හට දිගින් දිගටම ඇමතුම් ගන්නට විය..

එහෙත් ඔහුට පිලිතුරු දීමට අවශ්‍යතාවක් මට නොතිබුණි..

ඔහු ගැන ඉතිරිව තිබුණේ කලකීරීමක් පමණකි..

නංගී..

අයියා.. ඔහු මා අඩ ගසනු ඇසී මම එලියට ගියෙමි..

ම්ම්..

දැන් ඕවා හිතල වැඩක් නෑ..

මම කලබල උනෙමි..

මො.. මොනවද අයියා..

මං ඇසිමී.. අයියා කට කොනින් සිනා සී මා ලගින් ඉද ගත්තාය..

මං හැම දේම දන්නවා.. ම්හ් අමතක කරන්න දේශ් අපිට අල්ලන්න තියා හිතන්නවත් බැරි අත්තක්..

අයියා මගෙ හිස අත ගා පිටව ගියාය.. ඔහු සියල්ල දනී.. එසෙ නම් අම්මා දේශ්ගෙ නිවසේ වැඩට යන එකද නතර කලේ අයියාද..

මම සුසුමක් හෙලා නැගිට ආවෙමි.. තේ එකක් තිබුනොත් කියා සිතුණි. මම කුස්සියට ගියෙමි..

අම්මා ඇය හැලප හදන සුවදින් කුස්සියම පීරී ඇත..

අම්මා..

ලිපට දර දමමින් උන් ඈ මදෙස බලා සිනා සුනි..

සුදු දූ තේ එකක් ඕනේද..

අනෙ ඔව් අම්මා..

මම කුස්සියෙ තිබූ බංකුවේ ඉද ගත්තෙමි.. අම්මා පිගානකට දැමු හැලප කීපයක් මා අත තැබුවාය..

ආ තනියම වැඩ..

අයියා පැමිණ මම කමින් සිටි හැලපය උදුරා ගෙන කන්නට විය.. මම තව එකක් අතට ගත්තෙමි..

සුදූ දූ දන්නවද..

මොනවද අම්මා..

ඇයි අයියා කිව්වෙ නැද්ද..

මම නැහැයි කියන්නට හිස දෙපසට සලා අයියා දෙස බැලීමි.. ඔහු ඉවත බලා ගත්තාය.. ඔහු කුමක් හෝ සගවනවා දැයි සිතේ..

අනේ කියන්නකො අම්මා මොකක්ද..

දේශ් බේබී..

එපා අම්මා ඕවා වැඩක් නෑ දැන්..

කියන්නට නොදී අයියා අම්මා වැලකුවාය.. අම්මා ඇය කරබාගෙන නිහඩ විය..

දේශ්.. ඔබ ගැන කිසිවක් සිතේ නොතිබුනද ඔබ ගැන අම්මා කියන්නට ආ ආරංචිය දැන ගත යුතුය..

අයියා තේ එක බී ඉවත්ව ගියාය..

මම අම්මා ලගට ගොස් විස්තරය අස් ගත්තෙමි..

දේශ් බේබී කා එක හප්පගෙන..

😨😨😨😨😨😨😨😨😨

හදවත මොහොතකට නැවතිනි.. කුමක්දො පහදා දිය නොහැකි දෙයක් හිතට දැනේ.. දේෂ්.. ඔබ හොදින් දැයි දැන ගැනීමට මට අවශ්‍යය..

මම අයියා සොයා දිව ගියෙමි.. දේශ් බැලිමට මා රැගෙන යන ලෙස මම ඔහුට වැද වැටුනෙමි.. ප්‍රතික්ශේප කීරීම් රැසකට පසු ඔහු කැමති විය.. මට අවශ්‍ය වුනෙ ඔහු බැලීමට පමණී..

ඉතින් මම ගියෙමි.. අයිය මා පසුපසින් එයි..

මම දේශ් ලග නතර උනෙමි.. ඔහු දෑස් පිය වී ඇත.. ඔහු නිදිය.. මම ඒ මුව දෙස බලා සිටියෙමි..

මුහුණ පුරා රැව්ල වැවී ඇත.. වෙනදා තිබූ පින් පාට නැත.. කොටින්ම ඔහු පිස්සෙක් මෙනි.. ඔහුට සනීප වනු ඇත.. ඉතින් මම වචනයක් වත් නොකියා ඔහු ඇහැරීමට පලමු එතනින් නික්ම එන්නට හැරැණෙමි..

ෂේලී..

දේශ් මා අතින් අල්ලා ගත්තේය.. මම ඔහු දෙසට හැරැනෙමි.. ඔහු බලා හිදී.. ඒ දෑස් අසරණ පාටය..
ඔහු දුකෙන් දැයි සිතේ..

මට සමාවෙන්න ෂේලී..

ඔහු කියයි..

සමාවෙන්න කියන්න එපා දැන් ඔයා ගැන තරහක් වත් දුකක් වත් මගෙ හිතේ නෑ දේශ්..

මම යන්තම්න් හිනැහුනෙමි.. සැබෑය.. දේශ් ඔබෙ එදා හැසිරීම මට ඔබට සදහටම එපා කරවීය.. ඉතින් ඔබ ගැන කිසිත් මා සිතේ නැත..

මට දෙයක් කියන්න තියෙනවා ෂේලී..

මං යන්නම් දේෂ්.. මං නිකම් ආවේ.. මොකුත් කියන්න එපා මට කතා කරන්න දෙයක් නෑ..

ඔහු දෑතීන්ම මගෙ අත අල්ල ගත්තාය.. ඔහු නැගිට ඇද වියනට හේත්තු වන්නට හදයි.. එහෙත් සේලයින් කටු ගසා තීබූ අත් නිසා එය ඔහුට අමාරුය.. මම ඔහුව අල්ලා හේත්තු කලෙමි..

ප්ලීස් ෂේලී එක පාරක් අහලා යන්න.. ඊට පස්සෙ යන්න..

ඔහු කියයි.. ඉතින් මම එතන තිබූ පුටුවක ඉද ගතිමී..

දන්නවද ෂේලී.. මට සමාවෙන්න ඔයාට කල දේවලට ඔයාගේ අම්මට කීව දේවලට.. මං.. මං.. ඒ විදියට හැසිරුණේ ඔයාට මාව එපා වෙන්නමයි ෂේලී.. ඒකට ඒකට හේතුවක් තියෙපවා..

දේශ් කුමක් කියනව දෑයි නොතේරේ.. මම ඔහුගෙ ඈස් දෙස බැලීමි.. පුංචි දරුවකු හඩන්නට ලං වෙනා සේ ඒ මුහුණ බෙරි වී ඇත..

දේශ්.. මොනවද කියන්නෙ..

ඔව් ෂේලී..මගෙ තාත්තා.. එයා අපි ගැන දැනගෙන.. දන්නවද එයා මට කොච්චිර ආදරේ උනත් එයා කැමති උනේ නෑ ඔයාට.. එයා කිව්වා ඔයාව අයින් කලේ නැත්නම් ඔයාට හොදින් ඉන්න දෙන් නෑ කියලා.. අපෙ තාත්තාම තමයි ඔයාගෙ අම්මව ගෙදර වැඩට එන එකත් නතර කලේ..

අනේ දේශ්..

ඔව් ෂේලී.. බබා මං බය උනා.. එයා ඔයාට කරදරයක් කරයි කියලා.. මං දන්නවා මං ආදරෙන් ඔයාට තේරැමි කලා නම් මාව අමතක කරන්න ඔයා ගොඩක් දුක් වෙන බව..

මට ඕන උනෙ නෑ බබා ඔයාට එහෙම දුකක් දෙන්න.. ඒකයි මං.. අර විදියට හැසිරුණේ.. මං දන්නවා ඒකයි එකම ක්‍රමය කියලා ඔයාට මාව එපා කරවන්න.. මට සමාවෙන්න බබා..

දෙනෙතේ තීබූ කදුඵ බිදු පිසදා හැර දෙනෙත් මා අත සිප ගත්තාය..

මං ඔයාට කෝල් කලේ මගෙ තාත්තා නැති උනා.. ඉතින් ඔයාට මේ විස්තරෙ කියලා ඔයාව මං ලගට ගන්න.. එතකොටයි මං දැන ගත්තෙ ඔයාගෙ අයියගෙන් ඔයා මැරි කරන්න යනවා කියලා..

මං පරක්කුයි බබා.. මට දරාගන්න බැරි උනා.. ඒකයි මං මැරෙන්නෙ හිතූවෙ.. මට ඒකට වත් වාසනාව නෑ ශේලී මං මහා පව් කාරයෙක්..

ඉතින් තවත් අසා සිටිය හැකිද සිත්පිත් නැත්තියක සේ..

මම දේශ්ගෙ දෙතොල් මත ඇගිල්ල තබා නිහඩ වන දෙස කීවෙමී..

මා පිටු පසට වී අයියා සියල්ල අසා සිටි.. මම කදුඵ පිරි දෙනෙතින් ඔහු දෙස බැලීමි..ඔහු මා ලගට පැමිණ මා තුරැඵ කර ගත්තාය..

මට සමාවෙන්න චූටී.. මම දේශ්ට බොරු කිව්වා.. මට ඕන කලේ දේශ්ගෙ තාත්තාගෙන් ඔයාට කරදරයක් වෙන එක නතර කර ගන්න.. මේ වෙනකල් මම දැනන් උන්නෙ නෑ දිනෙෂ් මහත්තයා නැති වෙලා කියලා..

ඔහූ කියවා ගෙන යයි.. දොශ්ගෙ දෑස් පුදුම වී ඇත.. මම ඔහුට සිනා සුනෙමි.. අයියා දේශ්ගෙ කරට අත දමා ගත්තාය..

මට සමා වෙයන් මස්සිනා… මේකී මගෙ පන ටික ඒකයී මම බොරු කිව්වෙ.. මම දැනන් උන්නෙ නෑ උබ මෙච්චරම මගෙ කෙල්ලට ආදරෙය කියලා.. ඔන්න දැන් ඉදන් මගෙ පන ටික උබට බාරයි..
පරිස්සමෙන් බලා ගනින් මස්සිනා..

අයියා සිනා සෙමින් කියයි.. මම ඔහුගෙ පපුවට තුරුල් උනෙමි.. දේෂ් සිනා පිරි දෑසීන් මදෙස බලා ඉදී.. මම ඔහුට රැව්වෙමි.. ඔහු මට ඇසක් ගසා හිනැහිණි.. මමද ඊට හවුල් උනෙමි..

ඉතින් අප සතුටෙනි.. දෛවය පුදුමාකාරය.. දේෂ් ආදරණීය ඔබ සදහටම මගේම වේවා..💏 ❤

නිමි..

දුහස්යා දන්තනාරායන..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

සර්කස් සංදර්ශන සඳහා සතුන් භාවිතය නෙදර්ලන්තය නිල වශයෙන් තහනම් කරයි

Tue Jan 7 , 2020
සිංහයන්, වලසුන්, අලි ඇතුන් සහ ජිරාෆ් වැනි වන සතුන් නෙදර්ලන්තයේ සර්කස් වල භාවිතා කිරීම දැන් නීතියට පටහැනිය 2015 සැප්තැම්බර් 15 වන අඟහරුවාදා නෙදර්ලන්තයේ සර්කස් වල වන සතුන් තහනම් කිරීම නිල වශයෙන් බලාත්මක විය. සිංහයන්, වලසුන්, අලි ඇතුන් සහ ජිරාෆ් වැනි වන සතුන්, මිනිසුන්ට විනෝදාස්වාදය ලබා දීමේ එකම අරමුණ සඳහා, හිරිහැර […]