අසාම් අමීන්ගේ ස්වාධීන මාධ්‍යවේදී රෙද්ද ගැලවේ… BBCය සජිත්ට කැම්පේන් කල හැටි මෙන්න (Voice

බීබීසී සිංහල සේවයේ මෙරට ප්‍රධානී අසාම් අමීන් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සංවාදය හඩ පටයක් සමාජ ජාලාවෙත නිකුත් වී තිබේ.

දෙදෙනා එහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පිළිබදව සාකච්ඡා කරන අතර, අසාම් අමීන් එම ප්‍රචාරක කටයුතු සදහා සෘජුවම සම්බන්ධ වී සිටින බවට හඩ පටයෙන් අනාවරණය වේ.

අසාම් අමීන් ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස පසුගිය සමයේ කැපී පෙනෙන්නට දැඩි ලෙස උත්සහා දැරූ පුද්ගලයෙකි. අභීත, එඩිතර තරුණ මාධ්‍ය චරිතයක් ලෙස ඇතැම් අය ඔහුව උත්කර්ෂයට නැගීමට කටයුතු කරනුද දක්නට ලැබිණි. එනමුත් පසුගිය දින කිහිපයේදී එළියට ආ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩපට හරහා බොහෝ ඉහළ තැන්වල පුද්ගලයන්ගේ සැබෑ නිරුවත සමාජය හමුවේ නිරාවරණය වූවා සේම අසාම් අමීන්ලාගේ ද ආරෝපණය කරගත් ස්වාධීන මාධ්‍යෙව්දී වෙස්මුහුණ ද මෙසේ ගැලවීගොස් ඇත.

හඩපටය පහතින්.

https://youtu.be/S0-UZzoeEJ0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

රංජන් හිරුනිකා අලුත්ම එක

Sun Jan 19 , 2020