අප්සර

“සුදු මැණික”
හ්ම්
“නැගිටින්නකො රත්තරං “
හ්ම්
“කෝ ඉතින් දැං 6.00 ටත් කිට්ටුයි.”
“අනේ ඉතිං සුද්දෝ තව විනාඩි 10 ක්”
හ්ම්
“හරි ඔන්න දැං වෙලාව 6.10 යි.නැගිටින්නකො ඉතින්.
හරි හරි……….අම්මෝ ….සීතලයි අප්පා.මේ පිරිමි එක දවසකට ගෑනියෙක් උනොත් අම්මපා ඊට පහුවෙනිදා ඉදන් අපිට මල් තියලා වදිනවා.කිසිම දුකක් නැතුව මේ උදේ ඉදන් කෙදිරි ගාලා මාව ඇහැරවලා උයා ගන්නවානේ………….😭😭😭😭😭😭😭😭😭😭
ගෑස් ලිපට වතුර එක තියලා…ඔන්න ඉතිං මං කඩියා වගේ උදේට උයන්න ගත්තා.නැත්නම් ඉතින් මගේ සුද්දට අද කෑම ඉතිං කඩෙන් තමයි.කෑම උයලා කෑම එකත් ගැටගහලා තේ එකත් අරං ආවා කාම්බරයට,මගේ සුද්දා තවම නිදි.😔😔😔😔😔😔😔.අම්මෝ සැප නින්ද …………………..දෙන්න හිතෙනවා හොද සීතල වතුර පාරක්……………………………………………සුද්දා කිවුවට මෙයා තිවංක.තිවංක ජයසූරිය .
සුදු මහත්තයා දැං වෙලාව 7.45යි……..
අද නිවාඩු ද?
අම්මපා………
ඔන්න ඉතිං සුදු මහත්තයා කරන්ට් වැදුනු ගානට නැගිට්ටා.වෙලාවත් බැලුවා ඔරලෝසුවේ.අයියෝ හොදටම පරක්කුයි.ඇස් දෙකත් උඩ දාගෙන දිව්වා වොශ් රූම්.
විනාඩි පහෙන් මූන සෝදලා මෙන්න ඇවිත් රෙදිත් අදිනවා.
“හ්ම් ලෑස්තියි.”
දැං වෙලාව ආයේ බලනවා .ඔරලෝසුවේ වෙලාව 8.00……
මේ තේ එක ඇල් වෙලාත් ඇති.මෙච්චර වෙලා තියාගෙන හිටපු ☕ තේ එක දෙන ගමන් මං කිව්වා .
අනේ වස්තු දැං වෙලාව 8.00……තේ එපා.හොදටම පරක්කුයි .මගේ කෑම එක දෙන්නකෝ.
අනේ මේ පිස්සු නැතුව ☕ තේ එක බොන්කෝ.ආදරේ ගොඩාක් දාලා හැදුවේ .
මගේ පණ පරක්කුයි ……
නෑ නෑ අප්පා දැං වෙලාව 7. 45යි.
මොකක්……
“පිස්සුද මැණික” 8.00 අර 👀 බලන්න ඔරලෝසුව….
හරි අප්පා ඉතිං ඔය ඔරලෝසුවේ පිටිපස්සෙ තියන චූටි රවුමෙන් කැරකුවාම හ්ම් මෙන්න මෙහෙම දැං බලන්න වෙලාව 7.45යි.
බලන්නකො ඔයාගෙ අත් ඔරලෝසුව.
අප්පටසිරි 7.45 නේන්නන්.මේකිගේ කපටිකම…..
දෙන්නම්කෝ දඩුවම් ………..
කෝ අහකට යන්න.දැං පරක්කු වෙනවා කිව්වා නේද?
පිස්සෝ………..👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨💏💏💏💏💏💏💏💏💏💏ඔය ඉතිං ඉන්න දෙනවකො වදේ.
මාව බොරු කියලා ඇහැරෙව්වට….
සුදු නෝනා
හ්ම්………
ඔයාගේ මේ තොල් දෙක කොච්චර උම්මා දුන්නත් එපා වෙන්නෙ නැනේ….. “තිවංක …..අද උබ ගෑනිට හුරතල් වෙවී ඉන්නෙ වැඩට යන්නෙ නැද්ද?”
මේ යන්න හදන්නෙ අම්මා……සුදු නෝනා මං ගිහින් එන්නම්.ඔයා කාම්බරයටම වෙලා ඉන්න රත්තරං .
💏💏💏💏💏💏💏💏💏💏
ඉක්මනට එන්න මහත්තයෝ.මට ඔයා නැතුව පාලුයි.
හ්ම්.
මොහොතකින් තිවංකගේ කාර් එක මිදුලෙන්‍ යන හඩ ඇසීමෙන් අප්සරාගේ හදවතට දැනුනේ දුකකි.වේදනාවකි.පාලුයිවකි.ඇය අප්සරා සත්සරණි.පවුලේ එකම දරුවා උනු ඇයට ආර්ථික අපහසුතා නම් ලොකුවට දැනුනේ නැත.පියා සිංහල ගුරුවරයෙකු වූ අතර මව පෙර පාසල් ගුරුවරියකි.පුංචි කාලේ පටන් නර්තනයට ආශා කල අප්සරා නර්තන ගුරුවරියකි .සරල චාම් ගතිගුන වලින් යුතු ඇයට ආදරයට ආරාධනා නම් පාසල් කාලයේ පටන් අඩුවක් නැතුව ලැබුනි. “රෝස මල කොහෙද මේ තනියම යන්නෙ.”
“අම්මෝ කෙල්ලගේ මූණ රතු උනා ඒ ගමන ජ්ම්බු ගෙඩිය වගේ.”
නංගි මං සිතුමිණ 12-A පංතියේ ඉන්නෙ.
ඔයා අප්සරා නේද ?අම්මටසිරි මං උඩ ගියේ එවිටයි.මගේ නම දැනගෙන කතා කරන සිතුමිණ කුමන වර්ගයට අයත් පණුවෙක් දැයි බැලීමට මං මූණ එසවූයේ එවිටයි .
හිංදි ෆිල්ම් එකක වගේ…………..සුදුම සුදු ලස්සන පිරිමි ලමයෙක් තමා ඉස්සරහා රෝස මලකුත් අතේ තියන් ඉන්නවා. අම්මට සිරි කුඩු කිව්වලු.යකෝ මෙන්න මූ බිම දණ ගහගත්තා.ඒ ගමන.ප්‍රිංසිපල් ඉස්සරහ ලමයෙක් දනගහගත්තා වගේ.දැං ඉතින් මූ I love you කියන්න කලින් දුවපන් අප්සරෝ.
“මොකද බං සිතුමිණ මේ දණ ගහගෙන ,මලකුත් අතේ තියාගෙන .තොට අනංගයා වත් විද්දද? නරක තැනකට.කියපන් …….
අනෙ මේ පල ගොං හැලයා……….
මොකද බං උබ ඒ ගමන මල අතේ තියාගෙන ……..පොල් කෑල්ල කනවද?කේක් කෑල්ල කනවද? කියලා හිතන මීයා වගේ වටපිට බලන්නේ…….
තොපිලා වගේ සත්තු ටිකක් එද්දි මෙතන හිටපු ලස්සන කෙල්ල අර උඩ ගහට නැග්ගද කියලා මං බැලුවේ .
“අඩෝ මේ සිතුමිණ උබේ කෑල්ල ද අර පණ එපා කියලා දැං දිව්වේ.යකෝ තෝ මෙතන බූරුවා වගේ බිම ලැගගෙන.ඔහොම මලක් අතේ තියාගෙන ඇස් දෙකත් පියාගෙන ඉන්නකොට ,බං ඒකිව වෙන එකෙක් උස්සන් ගියත් තොට පේනවද මෝඩයෝ.
අනේ බං දනුකයෝ මං ඒකිට සිරා ❤ love බං.
හරි හරි බං අපි බලමුකෝ . අප්සරා මොකද බං මේ සුසන්තිකට ගේමක්වත් දෙන්න ද උබ දැං මේ දුවන්න පුරුදු වෙන්නෙ.
පිස්සුද තරුෂියෝ.😨😨😨😨😨😨😨
එහෙනම් දැං බුදු ගෙයි මල් ටික තියලා එන්න ගිය එකී,මෙච්චර මේ හොල්මනක් දැක්ක ගානට දුවන්න ඕනිද?
අම්මපා තරුෂියෝ 😨😨😨😨😨😨😨 මට කළුකුමාරයා වැහුනා.
මොකක් …….ඔව් බං……අර අපේ පංතියේ කෙල්ලො හැමදාම 🚽 toilet යන්නෙ බං A/l පංතියට අලුතින් ආව බෝයි බලන්න. ඔව් ඔව් .අර සුදු 👦 කොල්ලා.ඔව් බං අර සුදු එකා තමයි.
ඉතිං ඉතිං…..කියන්න කලින් ඔය කට වහගනිං බං මැස්සො යයි.🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊
හරි හරි කියපන් කියපන් ඉතිං ………….අන්න ඒ කොල්ලා ……….ඔව් ඔව් බං ඌ කොල්ලෙක් තමයි ඉතින් .නැත්තන් මේ කෙල්ලො මෙච්චර toilet 🚽 තියෙද්දි ඔය A/L පංතිය ලග 🚽 එකටම යයි ද? මං මල් ටිකත් අරගෙන බුදු ගේ ලගට ගිහින් මල් ටික තියලා එද්දි…………………….
මලකුත් අතේ තියන් හිටියනෙ බං.
නෑ…….. නෑ නෙවෙයි හිටියනෙ බං………..මලත් අතේ තියන් මං ඉස්සරහ දණ ගැහුවනෙ …………
ඇස් දෙකත් පියා ගත්තා බං……….ඇස් අරින්න කලින් මං පන එපා කියලා දුවලා ආවා ……. අම්මටසිරි යකෝ මේකි…….මෙච්චර ඉස්කෝලෙම කෙල්ලො පිස්සුවෙන් පස්සෙන් යන කොල්ලා උබට ට්‍රයි . මගේ පලවෙනි කතාව යාළුවනේ.වැරදි අඩුපාඩු ඇති.සමාවෙන්න. කථාවක් ලියන්න ආස හිතුනා .එත් මේ හැමදේම කරන්න කියා දුන්නේ ශශී සේනානායක .ගොඩාක් ස්තූතියි.කිසිම තරහක් ඊර්ෂ්‍යාවකින් තොරව හැමදේම කියා දුන්නා.ඔයාලගේ comments දාන්න.ඉක්මනට දෙවන කොටස ලියන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කාවට එන චීන්නු මාරාන්තික නිව්මෝනියාව පැතිරවීමේ අවදානමක්.. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවයි

Thu Jan 9 , 2020
චීනයේ ශීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික විය හැකි නිව්මෝනියා රෝගී තත්ත්වයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු හඟවා තිබෙනවා. ආසියානු කලාපයේ වැඩිම චීන ජාතිකයන් පිරිසක් පැමිණෙන සංචාරක සහ ව්‍යවසාය මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කොළඹ නගරය පදනම් කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු හැඟවීම සිදුකර ඇති බවයි වාර්තා […]