අද වැනි දිනයක සිදුවීම් – ජනවාරි 06

ජනවාරි 6: ඉරාකයේ සන්නද්ධ හමුදා දිනය

Globespin.gif
  • 1851 – පෘථිවියේ භ්‍රමණය පිළිබඳ ලිඔන් ෆොව්කොල්ට් විසින් පර්යේෂණාත්මකව ඔප්පු කිරීම.
  • 1857 – බෙත්ලෙහෙමේ සැමුවෙල් වෙතෙරිල් හට එරට සින්ක් (Zn) සහිත පස් සොයා ගැනීම නිමිත්තෙන් පේටන්ට් බලපත්‍රය ලබාදීම.
  • 1913 – විලියම් එම්. බුටන් විසින් ඛනිජ තෙල් බිඳ හෙළීමේ ක්‍රියාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම. එනම් තෙල් ගැසොලින් බවට පත් කිරීමේ ක්‍රියාවලියයි.
  • 1926 – ජර්මනියේ නිල ගුවන් සේවාව වන සුප‍්‍රකට LUFFTHONSA ගුවන් සේවය පිහිටු වීම.
  • 1927 – නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර අතර පළමු වරට අත්ලාන්තික් සාගරය හරහා වාණිජමය දුරකථන සම්බන්ධතා ඇති කිරීම.
  • 1929 – සිල්කොන් කර්මාන්තශාලාව ලොව පළමු වරට කිරි ප්‍රවාහනය සඳහා වීදුරු බෝතල් වෙනුවට ඉතා ඝන ඉටි කඩදාසි පෙට්ටි භාවිතය ඇරඹීම.
  • 1930 – එක ඉනිමකදී නොදැවී ලකුණු 452 ක් ලබා ගනිමින් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීම.
  • 1949 – කැලිෆෝනියා සරසවියේ ආචාර්ය ඩැනියෙල් චාපින් පිස හා ආචර්ය රිචර්ඩ් ෆ්රලි බකෙර් එක්ව පළමු වතාවට ජානවල ඡායාරුප ගැනීම.
  • 1947 – ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පොලිස්පතිවරයා ලෙස රිචර්ඩ් අලුවිහාරේ මහතා පත්වීම.
  • 1960 – දින 122 ක් අගමැතිව සිටි ඩබ්ලිව්. දහනායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
  • 1966 – ඉරිදා නිවාඩු දිනය වෙනුවට පෝය දින නිවාඩුව ක්‍රියාත්මක කිරීම.
  • 1971 – වර්ධක හෝමොනයන්හි සංශ්ලේෂී නිෂ්පාදනය පිළිබඳ රසායනඥයින් නිවේදනය කිරීම.
MuralitharanBust2004IMG.JPG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ඩඩ්ලි සේනානායක

Mon Jan 6 , 2020
ඩඩ්ලි සේනානායක (ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක) (1911 ජුනි 19 – 1973 අප්‍රේල් 13) යනු ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවයායි. (1952 මාර්තු 26 සිට 1953 ඔක්තොම්බර් 12) සහ නැවත දෙවතාවක් පිලිවෙලින් (1960 මාර්තු 21) සහ (1965 මාර්තු 25) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය බවට පත් විය. ඩඩ්ලි උපත ලද්දේ 1911 ජුනි 19 වන දින මොලි ඩුඩුවිලා […]